පියාණනී මා ගී පද:අබේවර්ධන බාලසූරිය සින්දු සහ සංගීතය සිංහලෙන්

About පියාණනී මා Song Lyrics

Songපියාණනී මා
Singer
Lyricist‎ සුනිල් ආරියරත්න
Composer වික්ටර් රත්නායක
Views124

පියාණනී මා ගී පද

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..
ඔබේම පුතු වේවා..

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..
ඔබේම පුතු වේවා..

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..
ඔබේම පුතු වේවා..

පියාණනී මා ශ්‍රී ලාංකීය සිංහල ගී පද

අබේවර්ධන බාලසූරිය පියාණනී මා lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply