දිලීප පොඩි පුතූ ගී පද:ක්ලැරන්ස් විජේවර්ධන සින්දු සහ සංගීතය සිංහලෙන්

About දිලීප පොඩි පුතූ Song Lyrics

Songදිලීප පොඩි පුතූ
Singer
Lyricist‎ කරුණාරත්න අබේසේකර
Composer ක්ලැරන්ස් විජේවර්ධන
Categories
Views112

දිලීප පොඩි පුතූ ගී පද

දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

පරවි දෙපා වැනි
සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන්
සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ

දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

මහද විමානයෙ
තැන්පත් කල ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන
බිලිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ

දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

දිලීප පොඩි පුතූ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ක්ලැරන්ස් විජේවර්ධන දිලීප පොඩි පුතූ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply