බඹරෙකු ඇඬුවා ගී පද:අබේවර්ධන බාලසූරිය සින්දු සහ සංගීතය සිංහලෙන්

About බඹරෙකු ඇඬුවා Song Lyrics

Songබඹරෙකු ඇඬුවා
Singer ,
Lyricist‎ ධර්මසිරි ගමගේ
Composer ප්රේමසිරි කේමදාස
Views131

බඹරෙකු ඇඬුවා ගී පද

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා… මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක
අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා… මල ඇසුවා

ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා..

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා… මලක් ළඟදි බඹරෙකු ඇඬුවා..

ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා..

බඹරෙකු ඇඬුවා..

බඹරෙකු ඇඬුවා ශ්‍රී ලාංකීය සිංහල ගී පද

අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී බඹරෙකු ඇඬුවා lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply