අම්බිලි මාමේ ගී පද:ප්‍රනාන්දු C.T. සින්දු සහ සංගීතය සිංහලෙන්

About අම්බිලි මාමේ Song Lyrics

Songඅම්බිලි මාමේ
Singer
Lyricist‎ ආර්. එන්. එච්. පෙරේරා
Composer සී. ටී. ප්‍රනාන්දු
Categories
Views182

අම්බිලි මාමේ ගී පද

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ…
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ…
පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ..

වටින් පිටින් ඇදෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වළා සළුද කියන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලොව එළිය කරන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලොව එළිය කරන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ…
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ…
පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ..

සිසිල් සුළං හමන්නේ කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කැලා දසත බලා පැනලා දුවන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලා බිම සරසන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලා බිම සරසන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ…
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ…
පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ..

සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ
සිරස සදන්නේ රැස් පළඳන්නේ
සුපුන් සඳේ ඔබ නිබදේ ලෝ පුබුදන්නේ
සිරස සදන්නේ රැස් පළඳන්නේ
සුපුන් සඳේ ඔබ නිබදේ ලෝ පුබුදන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ…
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ…
පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ..

අම්බිලි මාමේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ප්‍රනාන්දු C.T. අම්බිලි මාමේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply