ඈත රන් විමන් ගී පද:ප්‍රියා සූරියසේන සින්දු සහ සංගීතය සිංහලෙන්

About ඈත රන් විමන් Song Lyrics

Songඈත රන් විමන්
Singer
Lyricist‎ ප්‍රේමකීර්ති ද අල්විස්
Composer ක්ලැරන්ස් විජේවර්ධන
Views144

ඈත රන් විමන් ගී පද

ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා

මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා

රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා

ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා

රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා

ඈත රන් විමන් ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ප්‍රියා සූරියසේන ඈත රන් විමන් lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply