මිදුලේ වැලි මාලිගාවේ ගී පද:පේෂලා මෙන්ඩිස් සින්දු සහ සංගීතය සිංහලෙන්

About මිදුලේ වැලි මාලිගාවේ Song Lyrics

Songමිදුලේ වැලි මාලිගාවේ
Singer
Lyricist‎ කුමාරදාස සපුතන්ත්‍රී
Composer රොහාන් වීරසිංහ
Categories,
Views1,011

මිදුලේ වැලි මාලිගාවේ ගී පද

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද
නොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන
සිනාසෙමී

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග
හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන්
පියාණනේ

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

මිදුලේ වැලි මාලිගාවේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

පේෂලා මෙන්ඩිස් මිදුලේ වැලි මාලිගාවේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply