ගඟ අද්දර ගී පද:විජය කුමාරතුංග සින්දු සහ සංගීතය සිංහලෙන්

About ගඟ අද්දර Song Lyrics

Songගඟ අද්දර
Singer
Views628

ගඟ අද්දර ගී පද

ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආලේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ
ඔබ රුව ඡායා සැඟවේ පායා

මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආලේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබේ රුව ඡායා සැඟවේ පායා
ඔබේ රුව ඡායා සැඟවේ පායා

ගඟ අද්දර ශ්‍රී ලාංකීය සිංහල ගී පද

විජය කුමාරතුංග ගඟ අද්දර lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply