බුදුන් තුන් වරක් ගී පද:ඇන්ටන් ජෝන්ස් සින්දු සහ සංගීතය සිංහලෙන්

About බුදුන් තුන් වරක් Song Lyrics

Songබුදුන් තුන් වරක්
Singer
Views756

බුදුන් තුන් වරක් ගී පද

බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකාදීපය
දහම් සඟුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය
මොකද්ද සිරි ලංකාවට උණු විනාසය
තුට්ටු දෙකට මිනි මරනවා නැහැනේ කිසි බය

බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකාදීපය
දහම් සඟුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය
මොකද්ද සිරි ලංකාවට උණු විනාසය
තුට්ටු දෙකට මිනි මරනවා නැහැනේ කිසි බය

පාසල් යන්නට පෙර වැඳ රැගෙන අවසර
සිරිත් පරිදි පාසල වෙත නැගුවා පියවර
ඒ වෙනවිට උතුරු මරුවා සිටියේ ඉවකර
මේ මොකවත් දන්නේ නැහැනේ සමන් කුමාර

පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර
මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
මුළු පාසල බැබලුව සිසු සමන් කුමාර
අද පාසල් නාවේ ඇයිද සමන් කුමාර

ලිපියක් ලැබුණා ගෙදර පොලිසි නොයන්න
ලක්ෂ එකාමාරක් පාසලේ තබන්න
නැත්නම් වෙන්නේ දරුවට මරුවා දකින්න
කොහොම පපුව වාවන්ද අම්මට ඔන්න

ලියුම් ලියාගෙන දරුවට කරලා කරදර
සිරිවර්ධන මුදලාලිට යැව්වා බලකර
ඒ මොහොතේත් දරුවා මරලා තිබුණ තොරතුර
දැනගත්තේ පස්සේ විමසුමෙන් දොස්තර

අපරාදේ නීතයේ මේ සවනට වැදිලා
පවුලේ හිතවතෙක්ව පොලිසියෙන් සැක කළා
ඔහු අල්ලාගෙන කරද්දී කරුණු විමසලා
අපරාදේ සුලමුල ඔහු විසින් හෙළි කළා

රාත්රියේ කඳු යායට පොලිසිය ඇඳුනා
ඝන කැලයක ගල් දෙබලක සමන් හමුවුනා
හදවත සසලව යන මේ පුවත සැලවුනා
උගුරු දණ්ඩ විකා ඔහුව මරාලා තිබුනා

එන්න පුතේ යන්න කියා නංවා සයිකලෙන්
අරන් ගියා සමන්ට පා බොරුවට ලීලේ
පපුවක් නැති මිනිසුන් පා මුදලට ආලේ
නොදරුවකුගේ ජිවිතේ ඇයි මෙහෙම නැති කලේ

කිරට අඬන කිරි දරුවන් නොදුටු උදවිය
පවක පිනක කිසි වෙනසක් නොමැති මේ අය
තිරිසන් ලෙස අයියෝ මේ ලොවට බිහි විය
උන්මයි වෙන්නේ මේ සිරිලකට සාපය

බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකාදීපය
දහම් සඟුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය
මොකද්ද සිරි ලංකාවට උණු විනාසය
තුට්ටු දෙකට මිනි මරනවා නැහැනේ කිසි බය

බුදුන් තුන් වරක් ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ඇන්ටන් ජෝන්ස් බුදුන් තුන් වරක් lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply