සීත මාරුතේ ගී පද:රුවන් හෙට්ටිආරච්චි සින්දු සහ සංගීතය සිංහලෙන්

About සීත මාරුතේ Song Lyrics

Songසීත මාරුතේ
Singer
Views370

සීත මාරුතේ ගී පද

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් පානා මා මුසපත් කරනා
යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් පානා මා මුසපත් කරනා
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
ඔබමයි ජීවිතේ මගේ

සීත මාරුතේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

රුවන් හෙට්ටිආරච්චි සීත මාරුතේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply