Dadam (My Heartbeat Goes Like) Lyrics
by Dawn Jay
“Unmadayen man kalath podi ola mottala kan” (උන්මාදයෙන් මං කළත් පොඩි ඔල මොට්ටල කං), Dadam (My Heartbeat Goes Like) (ඩඩම්) lyrics: a Sinhala love song sung by Dawn Jay, with music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඩඩම් ගී පද, and many know it simply as Unmadayen man.
| SONG | Dadam (My Heartbeat Goes Like) |
|---|---|
| SINGER | Dawn Jay |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Dadam (My Heartbeat Goes Like) Lyrics Singlish
Unmadayen man kalath podi ola mottala kan
Dannawa neda numbe hada noriddana bawa hitha matha nam
Rath dethol pethi aga randunu adare ron rasa vindimin
Numban thora lokayak kelasa heenayakinwath dakinnado man.......
Adahaganna ba me mamado aththata me sithuwili magedo
Oba thama hada hadinuwe hama mohothema langa indala
Sithaka hengum piligannawado sith wala hengum danenawado
Netha nethak hamuwana hama mohotakadi
Hada gahena ridmaya dadam dadam dadam dam
Numbe sawanata kondura ki da saththai numbe hada alaya man
Hada gahena ridmaya dadam dadam dadam dam
Numbe sinaha kalum math kara hamadamath
Pibidenata athnam......
Hada ridmaya there mohotaka sansun
Sitha ipile rahase hada randena sundara mathakaya
Oya nethu pamanai mihire
Numba adare ma hadawatha unana rudhiraya wage
Miyadewi numba giyothin nam mata divi powana husma numbayi.....
Adahaganna ba.....
Sidanganawak ma langa bawa danila ma hada gasma sansun wela
Sura loken gena e alen ma lokaya suwapat kala
Hada gahena ridmaya dadam dadam dadam dam
Numbe sawanata kondura ki da saththai numbe hada alaya man
Hada gahena ridmaya dadam dadam dadam dam
Numbe sinaha kalum math kara hamadamath
Pibidenata athnam......ඩඩම් ගී පද
උන්මාදයෙන් මං කළත් පොඩි ඔල මොට්ටල කං
දන්නවා නේද නුඹේ හද නොරිද්දන බව හිතා මතා නම්
රත් දෙතොල් පෙති අග රැඳුණු ආදරේ රොන් රස විඳිමින්
නුඹෙන් තොර ලෝකයක් කෙලෙස හීනයකින්වත් දකින්නදෝ මං.......
අදහගන්න බෑ මේ මමදෝ ඇත්තට මේ සිතුවිලි මගේදෝ
ඔබ තමා හද හැදිනුවේ හැම මොහොතේම ළඟ ඉඳලා
සිතක හැඟුම් පිළිගන්නවදෝ සිත් වල හැඟුම් දැනෙනවදෝ
නෙතට නෙතක් හමුවන හැම මොහොතකදී
හද ගැහෙනා රිද්මය ඩඩම් ඩඩම් ඩඩම් ඩම්
නුඹේ සවනට කොඳුරා කී දා සත්තයි නුඹේ හද ආලය මං
හද ගැහෙනා රිද්මය ඩඩම් ඩඩම් ඩඩම් ඩම්
නුඹේ සිනහා කැළුම් මත් කර හැමදාමත්
පිබිදෙන්නට ඇත්නම්......
හද රිද්මය තේරේ මොහොතක සන්සුන්
සිත ඉපිලේ රහසේ හද රැඳෙනා සුන්දර මතකය
ඔය නෙතු පමණයි මිහිරේ
නුඹ ආදරේ මා හදවත උනනා රුධිරය වාගේ
මියැදේවි නුඹ ගියොතින් නම් මට දිවි පොවනා හුස්ම නුඹයි.....
අදහගන්න බෑ.....
සිදංගනාවක් මා ළඟ බව දැනිලා මා හද ගැස්ම සන්සුන් වෙලා
සුර ලෝකෙන් ගෙනා ඒ ආලෙන් මා ලෝකය සුවපත් කළා
හද ගැහෙනා රිද්මය ඩඩම් ඩඩම් ඩඩම් ඩම්
නුඹේ සවනට කොඳුරා කී දා සත්තයි නුඹේ හද ආලය මං
හද ගැහෙනා රිද්මය ඩඩම් ඩඩම් ඩඩම් ඩම්
නුඹේ සිනහා කැළුම් මත් කර හැමදාමත්
පිබිදෙන්නට ඇත්නම්......
Related Songs and Tags
Dadam (My Heartbeat Goes Like) LyricsDadam (My Heartbeat Goes Like) Lyrics Englishඩඩම්ඩඩම් ගීතයේ පද පෙළLyrics With TransliterationDawn Jay SongsDawn Jay LyricsJay LyricsNisal Gangodage Composer