Kahawan Goyamata Ran Diya Lyrics in Sinhala (කහවන් ගොයමට රන් දිය ගී පද) and English by Nalini Ranasinghe, written by Fr Marceline Jayakodi and composed by Danstan P De Silva. This page includes the Sinhala lyrics and English transliteration. Kahawan Goyamata Ran Diya is a Sinhala song performed by Nalini Ranasinghe with lyrics penned by Fr Marceline Jayakodi and music composed by Danstan P De Silva. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kahawan Goyamata Ran Diya |
|---|---|
| SINGER | Nalini Ranasinghe |
| LYRICIST | Fr Marceline Jayakodi |
| COMPOSER | Danstan P De Silva |
| VIEWS | 18 |
| UPDATED |
Kahawan goyamata ran diya vehala
Niyarin itirenava
Gaswala hevanali vediyen kalu vi
Mihimatha vethirenava
(Vihanga vala guvana vela…//)
(Dura ahase nopeni yanava…//)
(Kaviyak geeyata heruna kalak do…//)
Ipanali naliyanava….
Ipanali naliyanava….
Minneriya vewa dan nil ketayaki
Thena thena ranga denava
Eka deka diya reli sulangata kedi kedi
Sudu iri mathuvenava
(Muthu amuna gee mumuna…//)
(Dura veralata reli eddenava…//)
(Minneriya vewa pata salu endagena…//)
(Onchili paddenava…//)
Mahasen raja venda nindata yannata
Perayama sarasenava
Avurudu dahasak kethbim saru kota
Hinahi senehenava
(Yala vapura maha vapura…//)
(Goyamata diya reli nangvanava…//)
(Minneriya vewa heta hee kaviyen…//)
(Udayata lanvenava…//)
Kahawan goyamata ran diya……කහවන් ගොයමට රන් දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
(විහඟ වලා ගුවන වෙලා…//)
(දුර අහසේ නොපෙනී යනවා…//)
(කවියක් ගීයට හැරුණ කලක් දෝ…//)
ඉපනැලි නළියනවා….
ඉපනැලි නළියනවා….
මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රඟ දෙනවා
එක දෙක දිය රැළි සුළඟට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
(මුතු අමුණා ගී මුමුණා…//)
(දුර වෙරළට රැළි ඇද්දෙනවා…//)
(මින්නේරිය වැව පට සළු ඇඳගෙන…//)
(ඔන්චිලි පැද්දෙනවා…//)
මහසෙන් රජ වැඳ නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට
හිනැහී සැනහෙනවා
(යල වපුරා මහ වපුරා…//)
(ගොයමට දිය රැළි නංවනවා…//)
(මින්නේරිය වැව හෙට හී කවියෙන්…//)
(උදයට ළංවෙනවා…//)
කහවන් ගොයමට රන් දිය……