Andakaren Durathithe Lyrics
“Andhakaaren duraatheethe andhakaarata anaagathaye” (අන්දකාරෙන් දුරාතීතේ අන්දකාරෙට අනාගතයේ), Andakaren Durathithe (අන්දකාරෙන් දුරාතීතේ) lyrics: a Sinhala inspirational song sung by Henri Jayasena and Wijerathne Warakagoda from the Stage Drama Songs collection, with words by Henri Jayasena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Andhakaaren duraatheethe, and in Sinhala it is අන්දකාරෙන් දුරාතීතේ ගී පද.
| SONG | Andakaren Durathithe |
|---|---|
| SINGER | Henri Jayasena, Stage Drama Songs, Wijerathne Warakagoda |
| LYRICIST | Henri Jayasena |
| CATEGORY | Inspirational |
| VIEWS | 17 |
| UPDATED |
Andakaren Durathithe Lyrics Singlish
Andhakaaren duraatheethe andhakaarata anaagathaye
Regenayamata katha puwathak andhakaare sita kiyanne
Boho de siduwu atheethe welalila atha andhakaare
Polo pas yata unun kandulali leyath dahadiya ekata musuwee...
Polo thalayen wesunu bijuwata nagee ena se dineka pasukala
Atheethe sangawunu kandulu bindu leyath dahadiya mada sina reli
Andhakaaren duraatheethe nagee yali ekweya apa haa
Ape kandulali leyath dahadiya samanga musuwee lo dahama se...
Andhakaaren dahas wasareka mohayanen thaw dahas wasareka
Maanayen yali pansiyak kal wasa sangawumuth kuweniya
Adath aya apa desa balannee hetath yali apa desa balannee
Duraatheethe andhakaaraya medin sita ebikam karannee...
Sadaa aya apa haa sitinnee dorin dora sema thana wesenne
Edaa helu kanduluth ruhiru bindu sadaa apa wenuwen helannee
Sadaa kaalema lowa pahala wu sadaa kaalema lowa pahala wana
Kuweniyamai ekama gahaniya edaa upanath ada upannath...
Ayai duk peeda windinnee ayai wada hinsa darannee
Ayai awamaanaya labannee ayai yaki niya nam labannee...අන්දකාරෙන් දුරාතීතේ ගී පද
අන්දකාරෙන් දුරාතීතේ අන්දකාරෙට අනාගතයේ
රැගෙනයාමට කතා පුවතක් අන්දකාරේ සිට කියන්නේ
බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්දකාරේ
පොළෝ පස් යට උනුන් කඳුලැලි ලෙයත් දහදිය එකට මුසුවී...
පොළෝ තලයෙන් වැසුනු බිජුවට නැගී එන සේ දිනෙක පසුකල
අතීතේ සැඟවුනු කඳුලු බිඳු ලෙයත් දහදිය මද සිනා රැළි
අන්දකාරෙන් දුරාතීතේ නැගී යලි එක්වේය අප හා
අපේ කඳුලැලි ලෙයත් දහදිය සමඟ මුසුවී ලෝ දහම සේ...
අන්දකාරෙන් දහස් වසරෙක මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල් වසා සැඟවූමුත් කුවේනිය
අදත් ඇය අප දෙස බලන්නී හෙටත් යළි අප දෙස බලන්නී
දුරාතීතේ අන්දකාරය මැදින් සිට එබිකම් කරන්නී...
සදා ඇය අප හා සිටින්නී දොරින් දොර සැම තැන වෙසෙන්නී
එදා හෙලු කඳුලුත් රුහිරු බිඳු සදා අප වෙනුවෙන් හෙලන්නී
සදා කාලෙම ලොව පහල වූ සදා කාලෙම ලොව පහල වන
කුවේනියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්...
ඇයයි දුක් පීඩා විඳින්නේ ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ ඇයයි යකිනිය නම් ලබන්නේ...Related Songs and Tags
Andakaren Durathithe LyricsAndakaren Durathithe Lyrics Englishඅන්දකාරෙන් දුරාතීතේඅන්දකාරෙන් දුරාතීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationHenri Jayasena SongsHenri Jayasena LyricsJayasena LyricsHenri Jayasena Lyricist