Mudu Molok Mal (Kuweni) Lyrics
“Mudu molok mal mene kusa dara bathipemin” (මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින්): Mudu Molok Mal (Kuweni) (මුදු මොලොක් මල් (කුවේනි)) lyrics, a Sinhala folk song sung by Indrakanthi Jayathilake and Nalin Alwis from the Stage Drama Songs collection, with words by Henri Jayasena and music by H.H. Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is මුදු මොලොක් මල් (කුවේනි) ගී පද.
| SONG | Mudu Molok Mal (Kuweni) |
|---|---|
| SINGER | Indrakanthi Jayathilake, Nalin Alwis, Stage Drama Songs |
| LYRICIST | Henri Jayasena |
| COMPOSER | H.H. Bandara |
| CATEGORY | Folk, Mother |
| VIEWS | 8 |
| UPDATED |
Mudu Molok Mal (Kuweni) Lyrics Singlish
Mudu molok mal mene kusa dara bathipemin
Wedana vidimine apa lowata bihikeru
Laya pura senehasin apa dedena wedu pamin
Mawthomo kuweni yakini veda me kiyana
Yakiniyak anga ruhiru kiri veda kisi dineka
Maeniyan ma pewu kiri dahara ruhiru vida...
Maeniyani kuweni oba kothana sangavuneda
Ena thura oba nawatha api bala sitimu mehi
Piyanang ki pasuwa maligen pitawanta
Ragena oba apa dedena wanawedi atharamaga
Naesiyan dakimine kopa durukaramine
Nawatha emi daruwane kiya giya pasu eda...
Nawatha oba enathura api sitimu maeniyani
Pan dahas kal gewi ena thura ho nawatha
Api mehim sitinnemu
Oba natiwa noyannemu...//
Maeniyani vigasakini
Apa ragena yanu maenawi...//මුදු මොලොක් මල් (කුවේනි) ගී පද
මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින්
වේදනා විදිමිනේ අප ලොවට බිහිකෙරූ
ලය පුරා සෙනෙහසින් අප දෙදෙන වැඩු පෙමින්
මව්තොමෝ කුවේනි යකිනි වෙද මේ කියන
යකිනියක ඇඟ රුහිරු කිරි වේද කිසි දිනෙක
මෑණියන් මා පෙවූ කිරි දහර රුහිරු විද...
මෑණියනි කුවේනි ඔබ කොතැන සැඟවුනෙද
එන තුරා ඔබ නැවත අපි බලා සිටිමු මෙහි
පියාණන් කී පසුව මාලිගෙන් පිටවන්ට
රැගෙන ඔබ අප දෙදෙන වනවැදී අතරමග
නෑසියන් දකිමිනේ කෝප දුරුකරමිනේ
නැවත එමි දරුවනේ කියා ගිය පසු එදා...
නැවත ඔබ එනතුරා අපි සිටිමු මෑණියනි
පන් දහස් කල් ගෙවී එන තුරා හෝ නැවත
අපි මෙහිම සිටින්නෙමු
ඔබ නැතිව නොයන්නෙමු...//
මෑණියනි විගසකිනි
අප රැගෙන යනු මැනවි...//
Related Songs and Tags
Mudu Molok Mal (Kuweni) LyricsMudu Molok Mal (Kuweni) Lyrics Englishමුදු මොලොක් මල් (කුවේනි)මුදු මොලොක් මල් (කුවේනි) ගීතයේ පද පෙළLyrics With TransliterationIndrakanthi Jayathilake SongsIndrakanthi Jayathilake LyricsJayathilake LyricsH.H. Bandara ComposerHenri Jayasena Lyricist