Sande Sinidu Lyrics
“Sande sinindu sihilen oya nethe ruva mawa” (සඳේ සිනිඳු සිහිලෙන් ඔය නෙතේ රුව මවා), Sande Sinidu (සඳේ සිනිඳු) lyrics: a Sinhala heartbreak song sung by Oggiv Tharanga, with words by Kapila Silva and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sande sinindu, and in Sinhala it is සඳේ සිනිඳු ගී පද.
| SONG | Sande Sinidu |
|---|---|
| SINGER | Oggiv Tharanga |
| LYRICIST | Kapila Silva |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sande Sinidu Lyrics Singlish
Sande sinindu sihilen oya nethe ruva mawa
Obata pidu aalen maa dawe raa diva
Dura aayeth yanawane hadawala iki gasa
Oba naane nethu maane purawala duka nisa
Raththarane aayeth aawoth ada oyaa
Marunu diviya maage pana geneyi hada welaa.......
Eka bankuwe akuru piruwe edaa
Dura yayi kiyaa hitune naa sadaa
Edaa wage adath maage hitha igilleelaa
Iwuru kone niyara dige nawathilaa bala
Oba ehi naethidaata papuwata nagunu ginna
Mahameruwa parada giyaa e viththi dannaa oyaa.......
Mata puruwe pinak naathuwa medaa
Ran poruwe muduwa palandaa oyaa
Bolanda maage hithata ane hinahila giyaa
Dukak daenee edaa ape asura sihiwelaa
Maage atha allagena papuwata thada karagena
Hemadama maagemai kiyaa kiyu dema oba kadakala.......
Sande sinindu.......සඳේ සිනිඳු ගී පද
සඳේ සිනිඳු සිහිලෙන් ඔය නෙතේ රුව මවා
ඔබට පිදූ ආලෙන් මා දැවේ රෑ දිවා
දුර ආයෙත් යනවානේ හඬවලා ඉකි ගසා
ඔබ නෑනේ නෙතු මානේ පුරවලා දුක නිසා
රත්තරනේ ආයෙත් ආවොත් අද ඔයා
මැරුණු දිවිය මාගේ පණ ගෙනෙයි හැඩ වෙලා.......
එක බංකුවේ අකුරු පිරුවේ එදා
දුර යයි කියා හිතුනේ නෑ සදා
එදා වගේ අදත් මගේ හිත ඉගිල්ලීලා
ඉවුරු කොනේ නියර දිගේ නැවතිලා බලා
ඔබ එහි නැතිදාට පපුවට නැගුණු ගින්න
මහමෙරුව පරදා ගියා එ් විත්ති දන්නෑ ඔයා.......
මට පූරුවේ පිණක් නැතුවා මෙදා
රන් පෝරුවේ මුදුව පළඳා ඔයා
බොළඳ මගේ හිතට අනේ හිනැහිලා ගියා
දුකක් දැනේ එදා අපේ ඇසුර සිහිවෙලා
මගේ අත අල්ලාගෙන පපුවට තද කරගෙන
හැමදාම මගේමයි කියා කියු දේම ඔබ කඩකලා.......
සඳේ සිනිඳු.......
Related Songs and Tags
Sande Sinidu LyricsSande Sinidu Lyrics Englishසඳේ සිනිඳුසඳේ සිනිඳු ගීතයේ පද පෙළLyrics With TransliterationOggiv Tharanga SongsOggiv Tharanga LyricsTharanga LyricsSandaruwan Jayasinghe ComposerKapila Silva Lyricist