Nil Ahasa Pura Lyrics by Lakshan WijesingheRomesh Sugathapala
Nil Ahasa Pura (නිල් අහස පුරා) is a Sinhala song sung by Lakshan Wijesinghe and Romesh Sugathapala. This page presents the Nil Ahasa Pura lyrics in Sinhala script (නිල් අහස පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Ahasa Pura |
|---|---|
| SINGER | Lakshan Wijesinghe, Romesh Sugathapala |
| VIEWS | 16 |
| UPDATED |
Nil Ahasa Pura Lyrics
Nil ahasa pura unusuma sadala
Semada mage thaththa
Senehasa vapura mahamera uthura
Semada mage thaththa...
[Thawthisawe suwada paenin dew obe
Senehasen naehawi ma lokaya dinuwa]
Sihinaye sabewa mata pahada
Sevenaellet numba ma langa unna
Nidi nethi kapthura bohose gewuna
Oba hinda man lokaya dinuwa
Sinhawa kenda kandulal sangawa
Nuba unna mage thaththa
Dewiwaru parada numba mata saenasuma seduwa
Mage thaththa...
Nil ahasa pura...
[Obe pathum mal mage daetae pipila
Thaththe me mal suwada oba nahawannai]
Nethu wehesa maga balamin unna
Ma dinu lokaya dothata randa
Depa moolin thabanna hithuwa
Ayeth noenna numbe nethu wesuna
Kohedo numba aethaka eduna eduna
Mage thaththa
Saenasi hidinna ma daen dinuwa dinuwa
Mage thaththa...
Nil ahasa pura...නිල් අහස පුරා ගී පද
නිල් අහස පුරා උණුසුම සදලා
සැමදා මගේ තාත්තා
සෙනෙහස වපුරා මහමෙර උතුරා
සැමදා මගේ තාත්තා...
[තව්තිසාවේ සුවඳ පැනින් දෙව් ඔබේ
සෙනෙහසෙන් නැහැවී මා ලෝකය දිනුවා]
සිහිනයේ සැබෑව මට පහදා
සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා
නිදි නැති කප්තුර බොහොසේ ගෙවුණා
ඔබ හින්දා මං ලෝකය දිනුවා
සිනහව කැන්දා කඳුළැල් සඟවා
නුඹ උන්නා මගේ තාත්තා
දෙවිවරු පරදා නුඹ මට සැනසුම සැදුවා
මගේ තාත්තා...
නිල් අහස පුරා...
[ඔබේ පැතුම් මල් මගේ දෑතේ පිපිලා
තාත්තේ මේ මල් සුවඳ ඔබ නහවන්නයි]
නෙතු වෙහෙසා මග බලමින් උන්නා
මා දිනු ලෝකය දෝතට රන්දා
දෙපා මුලින් තබන්න හිතුවා
ආයෙත් නොඑන්න නුඹේ නෙතු වැසුනා
කොහෙදෝ නුඹ ඈතක ඇදුනා ඇදුණා
මගේ තාත්තා
සැනසී හිඳින්න මා දැන් දිනුවා දිනුවා
මගේ තාත්තා...
නිල් අහස පුරා...Related Songs and Tags
Nil Ahasa Pura LyricsNil Ahasa Pura Lyrics Englishනිල් අහස පුරානිල් අහස පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshan Wijesinghe SongsLakshan Wijesinghe LyricsWijesinghe Lyrics