Paw Pirennepa Lyrics
“Ikman noweela kalpanawen eda” (ඉක්මන් නොවීලා කල්පනාවෙන් එදා): Paw Pirennepa (පව් පිරෙන්නෙපා) lyrics, a Sinhala heartbreak song sung by Sanka Karunarathna, with words by Sajith V Chathuranga and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පව් පිරෙන්නෙපා ගී පද, and many know it simply as Ikman noweela.
| SONG | Paw Pirennepa |
|---|---|
| SINGER | Sanka Karunarathna |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 28 |
| UPDATED |
Paw Pirennepa Lyrics Singlish
Ikman noweela kalpanawen eda
Api wisanduwa nam prashna dodamalu weela
Sangawila magen oba nae ohoma inne
Kawadakawath mage daesa kandulin thema
Paw pirennepa ma keren oyaa
Wen welaa durak giyaata kaatawath horaa......
Sansara gamane adaraya obage
Seeruwata katugaa ma durin hidinna aethi
Ee purudu hamuwe me labunu bhawaye
Mata obage senehe maga haerila yanneti
Paw pirennepa ma keren oyaa
Wen welaa durak giyaata kaatawath horaa......
Miyadenna risi se thurulema obage
Peradaka man raes keruwa pin madi aethi
Wen weema apage daiwaye pituwe
Bonda nowena akurin liyawi thibenna aethi....
Paw pirennepa ma keren oyaa
Wen welaa durak giyaata kaatawath horaa......
Ikman noweela.....පව් පිරෙන්නෙපා ගී පද
ඉක්මන් නොවීලා කල්පනාවෙන් එදා
අපි විසඳුවා නම් ප්‍රශ්න දොඩමළු වීලා
සැඟවිලා මාගෙන් ඔබ නෑ ඔහොම ඉන්නේ
කවදාකවත් මගේ දෑස කඳුලින් තෙමා
පව් පිරෙන්නෙපා මා කෙරෙන් ඔයා
වෙන් වෙලා දුරක් ගියාට කාටවත් හොරා......
සංසාර ගමනේ ආදරය ඔබගේ
සීරුවට කටුගා මා දුරින් හිඳින්න ඇති
ඒ පුරුදු හමුවේ මේ ලැබුණු භවයේ
මට ඔබගේ සෙනෙහේ මග හැරිලා යන්නැති
පව් පිරෙන්නෙපා මා කෙරෙන් ඔයා
වෙන් වෙලා දුරක් ගියාට කාටවත් හොරා......
මියැදෙන්න රිසි සේ තුරුලේම ඔබගේ
පෙරදාක මං රැස් කෙරුව පින් මදි ඇති
වෙන් වීම අපගේ දෛවයේ පිටුවේ
බොඳ නොවෙන අකුරින් ලියැවී තිබෙන්න ඇති....
පව් පිරෙන්නෙපා මා කෙරෙන් ඔයා
වෙන් වෙලා දුරක් ගියාට කාටවත් හොරා......
ඉක්මන් නොවීලා.....
Performances of Paw Pirennepa
Cover versions, live performances, and reality-show contestant performances of “Paw Pirennepa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paw Pirennepa LyricsPaw Pirennepa Lyrics Englishපව් පිරෙන්නෙපාපව් පිරෙන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Karunarathna SongsSanka Karunarathna LyricsKarunarathna LyricsAshan Fernando ComposerSajith V Chathuranga Lyricist


