Diya Allata Ba (Bothale Mage Bothale) Lyrics
by Nelson Vaas
“Diya ellata baa mahaweli gangawata baa” (දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ), Diya Allata Ba (Bothale Mage Bothale) (දිය ඇල්ලට බෑ(බෝතලේ මගේ බෝතලේ)) lyrics: a Sinhala heartbreak song sung by Nelson Vaas, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Diya ellata, and in Sinhala it is දිය ඇල්ලට බෑ(බෝතලේ මගේ බෝතලේ) ගී පද.
| SONG | Diya Allata Ba (Bothale Mage Bothale) |
|---|---|
| SINGER | Nelson Vaas |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 33 |
| UPDATED |
Diya Allata Ba (Bothale Mage Bothale) Lyrics Singlish
Diya ellata baa mahaweli gangawata baa
Mage papuwe awilena gindara niwadamanu baa
Maha wessata baa indiya sagarayata baa
Mage papuwe awilena gindara niwadamanu baa
Bothale..... mage bothale
Nuba nowedoo mage papuwe gini niwwe
Bothale..... mage bothale
Nuba nowedoo mage papuwe gini niwwe.....
Umba hinda aata maa epalu
Umbe nawum suwada aata dugada welu
Aa giyada mata nodanunu paalu
Umba naetidaa mata danewi yaalu
Mulinma mata nube sisila danune
Aya wenakekuge pahasa labu dawase
Wena turulaka chapala eyaa naelawe
Umba thural welaa indapan mage papuwe
Bothale..... mage bothale
Nuba nowedoo mage papuwe gini niwwe
Bothale..... mage bothale
Nuba nowedoo mage papuwe gini niwwe......
Umbe yaluwo okkoma mama wagadoo
Chapala pemaka awasan prathiphaledoo
Bhaven bhavaya hoyapu saenasumadoo
Umbata ehaa thawa niwanak wedoo
Landakata baa pem karanna samase
Umbata hakiy salakannata ekase
Eth angahingakam athi wunadaa niwase
Umbath maawa daalaa yaawi dukase
Bothale..... mage bothale
Nuba nowedoo mage papuwe gini niwwe
Bothale..... mage bothale
Nuba nowedoo mage papuwe gini niwwe......
Diya ellata baa.......දිය ඇල්ලට බෑ(බෝතලේ මගේ බෝතලේ) ගී පද
දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
බෝතලේ..... මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ..... මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ.....
උඹ හින්දා ඈට මා එපාලු
උඹෙ නැවුම් සුවඳ ඈට දුඟද වේලු
ඈ ගියදා මට නොදැනුණු පාළු
උඹ නැතිදා මට දැනේවී යාළු
මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ
ඇය වෙනකෙකුගේ පහස ලැබූ දවසේ
වෙන තුරුළක චපල එයා නැලවේ
උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ
බෝතලේ..... මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ..... මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ......
උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවය හොයාපු සැනසුමදෝ
උඹට එහා තව නිවනක් වේදෝ
ළඳකට බෑ පෙම් කරන්න සමසේ
උඹට හැකිය සලකන්නට එකසේ
ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ
උඹත් මාව දාලා යාවි දුකසේ
බෝතලේ..... මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ..... මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ......
දිය ඇල්ලට බෑ.......
Related Songs and Tags
Diya Allata Ba (Bothale Mage Bothale) LyricsDiya Allata Ba (Bothale Mage Bothale) Lyrics Englishදිය ඇල්ලට බෑ(බෝතලේ මගේ බෝතලේ)දිය ඇල්ලට බෑ(බෝතලේ මගේ බෝතලේ) ගීතයේ පද පෙළLyrics With TransliterationNelson Vaas SongsNelson Vaas LyricsVaas Lyrics