Ma Priya Samiya (Maname) Lyrics in Sinhala (මා ප්‍රිය සැමියා (මනමේ) ගී පද) and English by Nishshanka Diddeniya and Stage Drama Songs. This page includes the Sinhala lyrics and English transliteration. Ma Priya Samiya (Maname) is a Sinhala song performed by Nishshanka Diddeniya and Stage Drama Songs. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ma Priya Samiya (Maname) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Stage Drama Songs |
| VIEWS | 8 |
| UPDATED |
Maa priya saemiyaa marumuwa vaetuna
Kimada kale oba me apaarade
Yahatin siti ohu oba ena maeruwaa
Me oba dosaa me oba dosaa…
Oba priya saemiyaa maawa marannata
Taet kala hinda taet kala hinda
Siya pana galavaa gannata maeruwaa
Nae mage dosaa nae mage dosaa…
Mata pem kala ee maname rajindaa
Satanata polambaa gatthe obane
Maa galawannata gos maa hinda
Marumuwa vaetuna marumuwa vaetuna…
Satanata maa pelabuve ohune
Dutuve naetado dutuve naetado
Kaagen oba galawannata veedo
Nodanimi ebasa nodanimi ebasa…
Obagen maa galawannata novedo
Satanata vaedune satanata vaedune
Maname rajindaa marumuwa vaetuna
Premaya hinda premaya hinda…
Maagen kumataa oba raekaganne
Anadara obataa ki kala kelemdo
Satanata giye maa hata gat obataa
Premaya hinda premaya hinda…
Adahannata nam haekido kelesa
Oba me kiyana raevatili vadanaa
Naeti wuni mata daen an kisi saranaa
Metanama maranaa venu nam niyata…
Nokiyanu elesa maa priya kumaree
Mama vemi obataa haemadaa saranaa
Himagiri aranee oba ve rajini
Venu maena mabiso venu maena mabiso…
Naeta an saranaa oba haera memataa
Vanaye visumaa venne samadaa
Vaga walasungen uvaduru walakaa
Rakinui oba maa rakinui oba maa…
Maa vaedi senagaa oba raeka ganna
Vaga walasungen thora ve bhawanaa
Divi him kota pudanem aadarinaa
Naeta kisi baadhaa visumata saepenaa…මා ප්‍රිය සැමියා මරුමුව වැටුනා
කිමද කලේ ඔබ මේ අපරාදේ
යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා
මේ ඔබ දෝසා මේ ඔබ දෝසා…
ඔබ ප්‍රිය සැමියා මාව මරන්නට
තැත් කල හින්දා තැත් කල හින්දා
සිය පණ ගලවා ගන්නට මැරුවා
නෑ මගෙ දෝසා නෑ මගෙ දෝසා…
මට පෙම් කල ඒ මනමේ රජිඳා
සටනට පොලඹා ගත්තේ ඔබනේ
මා ගලවන්නට ගොස් මා හින්දා
මරුමුව වැටුනා මරුමුව වැටුනා…
සටනට මා පෙලඹූවේ ඔහුනේ
දුටුවේ නැත්දෝ දුටුවේ නැත්දෝ
කාගෙන් ඔබ ගලවන්නට වීදෝ
නොදනිමි එබසා නොදනිමි එබසා…
ඔබගෙන් මා ගලවන්නට නොවෙදෝ
සටනට වැදුනේ සටනට වැදුනේ
මනමේ රජිඳා මරුමුව වැටුනා
ප්‍රේමය හින්දා ප්‍රේමය හින්දා…
මාගෙන් කුමටා ඔබ රැකගන්නේ
අනදර ඔබටා කි කල කෙලෙම්දෝ
සටනට ගියෙ මා හට ගත් ඔබටා
ප්‍රේමය හින්දා ප්‍රේමය හින්දා…
අදහන්නට නම් හැකිදෝ කෙලෙසා
ඔබ මේ කියනා රැවටිලි වදනා
නැති වුනි මට දැන් අන් කිසි සරණා
මෙතැනම මරණා වෙනු නම් නියතා…
නොකියනු එලෙසා මා ප්‍රිය කුමරී
මම වෙමි ඔබටා හැමදා සරණා
හිමගිරි අරණේ ඔබ වේ රැජිනි
වෙනු මැන මබිසෝ වෙනු මැන මබිසෝ…
නැත අන් සරණා ඔබ හැර මෙමටා
වනයේ විසුමා වෙන්නේ සැමදා
වග වලසුන්ගෙන් උවදුරු වලකා
රකිනුය ඔබ මා රකිනුය ඔබ මා…
මා වැදි සෙනගා ඔබ රැක ගන්නා
වග වලසුන්ගෙන් තොර වේ භවනා
දිවි හිම් කොට පුදනෙම් ආදරිනා
නැත කිසි බාධා විසුමට සැපෙනා…//