Sasadara Mana Nanda (Gajaman Puwatha) Lyrics in Sinhala (සසදර මන නන්ද ගී පද) and English by Nishshanka Diddeniya, written by Dayananda Gunawardana. This page includes the Sinhala lyrics and English transliteration. Sasadara Mana Nanda (Gajaman Puwatha) is a Sinhala song performed by Nishshanka Diddeniya with lyrics penned by Dayananda Gunawardana. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sasadara Mana Nanda (Gajaman Puwatha) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya |
| LYRICIST | Dayananda Gunawardana |
| VIEWS | 14 |
| UPDATED |
Sasadara mana nanda bandu vada makulin da
Yuga thana piripunda gana ran kumbu men da
Matha vara varanin da sasobana mana nanda
Katha numba langa inda nolabune pavakin da...
Kunda mahana pobakala mathi sanduni yasa
Andakarayata avulu pahana lesa
Nanda ma gatha dilunath rupen sathosa
Ninda beriya ma langa oba sithana lesa...
Pinavana sith surathal bas dena lile
Guna yahapath sondura numba vetha bandi ale
Bandi ma sith numba langa athiveyi devele
Pana giya muth noharimi numba vetha ale...
Adare barida ivasagena inda
Sagaray barida pina goda yanda
Me sare dipu duka atha denaganda
Adare mokada oya hati gahenunda...
Venasak nova adarin eka pana lesina
Leda duk durara raka innata eka yahana
Ma asak sadisi kulu nathi piyo bande sobana
Sapatak vena kumata labunoth ema pamana...
Mal pipunoth suwandata bamaburun enava
Ganga thibunoth kawuruth diyawara bonava
Vasi thibunoth saru nathi bim saru venava
Ruwa thibunoth apatath sema thutu venava...
Netha dukai numbe uvanatha nodakima
Kana dukai numbe ama bas noasima
Kayata dukai numbe supahasa nolabima
Hitha dukai melesin nithi pasuwima...සසදර මන නන්ද බඳු වද මකුළින් ද
යුග තන පිරිපුන්ද ගන රන් කුඹු මෙන් ද
මත වර වරනින් ද සසොබන මන නන්ද
කත නුඹ ළඟ ඉන්ද නොලැබුනෙ පවකින් ද...
කුන්ඩ මහන පොබකල මැති සඳුනි යසා
අන්දකාරයට ඇවුලූ පහන ලෙසා
නන්ද ම ගත දිලුනත් රූපෙන් සතොසා
නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා...
පිණවන සිත් සුරතල් බස් දෙන ලීලේ
ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ
බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ
පණ ගිය මුත් නොහරිමි නුඹ වෙත ආලේ...
ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ද
සාගරේ බැරිද පීනා ගොඩ යන්ද
මේ සැරේ දීපු දුක ඇත දැනගන්ද
ආදරේ මොකද ඔය හැටි ගැහැණුන්ද...
වෙනසක් නොව අදරින් එක පණ ලෙසින
ලෙඩ දුක් දුරැර රැක ඉන්නට එක යහන
ම ඇසක් සදිසි කුළු නැති පියො බඳෙ සොබන
සැපතක් වෙන කුමට ලැබුනොත් එම පමණ...
මල් පිපුණොත් සුවඳට බඹරුන් එනවා
ගඟ තිබුණොත් කවුරුත් දියවර බොනවා
වැසි තිබුණොත් සරු නැති බිම් සරු වෙනවා
රුව තිබුණොත් අපටත් සැම තුටු වෙනවා...
නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම
කණට දුකයි නුඹෙ අම බස් නොඇසීම
කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම
හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම...