podi hamuduruwō ada hawasath
wel eliyata wadiyā ammē
mada tawarāgana tharageta diwā
niyara digē eka pimmē
karanam gahuwā diyabum gahuwā
bak mī gaha laga bammē
siwurath edagena sellam keruwama
paw sidu wenawada ammē
budu gē athulen kēma jāthi rasa
siwurē othāgana enawā
ping kætayen gath kāsi panam dī
sini bōla waladanawā
sellam pitiēdī apatat wadiyen
dagakārayi katakārayi
mata nam ammē podi hamuduruwō
hurathal lamayek wāgeyi
podi hamuduruwō .../පොඩි හාමුදුරුවෝ අද හවසත්
වෙල් එළියට වැඩියා අම්මේ
මඩ තවරාගෙන තරගෙට දිව්වා
නියර දිගේ එක පිම්මේ
කරනම් ගැහුව්වා දියබුම් ගැහුව්වා
බක් මී ගහ ළග බැම්මේ
සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම
පව් සිදු වෙනවද අම්මේ
බුදු ගේ ඇතුලෙන් කෑම ජාති රස
සිවුරේ ඔතාගෙන එනවා
පිං කැටයෙන් ගත් කාසි පනම් දී
සිනි බෝල වළදනවා
සෙල්ලම් පිටියේදී අපටත් වැඩියෙන්
දගකාරයි කටකාරයි
මට නම් අම්මේ පොඩි හාමුදුරුවෝ
හුරතල් ළමයෙක් වාගෙයි
පොඩි හාමුදුරුවෝ .../Harshana Disanayake performed Podi Hamuduruwo. Harshana Disanayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Podi Hamuduruwo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Podi Hamuduruwo has been viewed 28 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ පොඩි හාමුදුරුවෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.