(Ran gira maa, oba egira sibina hiruta samanaa...
Panhinda maa, oba eyin gethena giya samanaa...//)
Ran gira hisa hiru hinahena
Eliyeng mulu lova didulata
Namudu hiruta lan wannata
Varam nomathiye
Iren lovak elivanu deka
Masitha babaliye
Ran gira maa, oba egira sibina hiruta samanaa...
Panhinda maa, oba eyin gethana giya samanaa....
Panhinda getu gi gayuweta
Mihiren thun hitha nahaweta
Namudu giya dun mihirata
Uvam nomathiye
Eyin lovak senasenu deka
Masitha nelaviye
(Ran gira maa, oba egira sibina hiruta samanaa...
Panhinda maa, oba eyin gethana giya samanaa...//)
(රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතෙන ගීය සමානා...//)
රන් ගිර හිස හිරු හිනැහෙත
එළියෙන් මුළු ලොව දිදුලත
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
මසිත බැබලියේ
රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතන ගීය සමානා....
පන්හිඳ ගෙතු ගී ගැයුවෙත
මිහිරෙන් තුන් හිත නැහැවෙත
නමුදු ගීය දුන් මිහිරට
උවම් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
මසිත නැලවියේ
(රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතන ගීය සමානා...//)