Polowa Usulana Deviyane (Kuweni) Lyrics by Unknown
Polowa Usulana Deviyane (Kuweni) (පොළොව උසුලන දෙවියනේ (කුවේණි)) is a Sinhala song sung by Unknown. The lyrics were written by Henri Jayasena. This page presents the Polowa Usulana Deviyane (Kuweni) lyrics in Sinhala script (පොළොව උසුලන දෙවියනේ (කුවේණි) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Polowa Usulana Deviyane (Kuweni) |
|---|---|
| SINGER | Unknown |
| LYRICIST | Henri Jayasena |
| VIEWS | 12 |
| UPDATED |
Polowa Usulana Deviyane (Kuweni) Lyrics
Polowa usulana deviyane
Ahasa usulana deviyane
Muhuda usulana deviyane
Nagena ira sanda deviyane
Agni asaniya deviyane
Vehi valahaka deviyane
Mega garjana deviyane
Balan mata kala me vine...
Polowa pupura peliyan
Ahasa ginigena deviyan
Sayuru kalambi geliyan
Nagena ira handa vetiyan...
Thabana thabana paya gininen deviyan
Vahina vahina vehi ahase sidiyan
Gahana gahana hena hisa matha vetiyan
Jathith bhave gini del matha deviyan
Upan upan kumarun mathu nesiyan
Diyen godin gini jala mewiyan
Ledhin dukin sanhathiyama peliyan
Nirantharin badasayen meriyan...
Polowa pupura ahasa gugura diya debakara varelala
Sakvalin muhudin godin ahasin senin topi varelala
Manthra bandhana agni asaniya lodiyaath gena varelala
Manthra maya anjanam kara me rajuta vinakaralla...පොළොව උසුලන දෙවියනේ (කුවේණි) ගී පද
පොළොව උසුලන දෙවියනේ
අහස උසුලන දෙවියනේ
මුහුද උසුලන දෙවියනේ
නැගෙන ඉර සඳ දෙවියනේ
අග්නි අසනිය දෙවියනේ
වැහි වලාහක දෙවියනේ
මේඝ ගර්ජන දෙවියනේ
බලන් මට කල මේ විනේ...
පොළොව පුපුරා පැලීයන්
අහස ගිනිගෙන දැවීයන්
සයුරු කැළඹී ගැලීයන්
නැගෙන ඉර හඳ වැටීයන්...
තබන තබන පය ගින්නෙන් දැවීයන්
වහින වහින වැහි අහසේ සිඳීයන්
ගහන ගහන හෙණ හිස මත වැටීයන්
ජාතිත් භවේ ගිනි දැල් මත දැවීයන්
උපන් උපන් කුමරුන් මතු නැසීයන්
දියෙන් ගොඩින් ගිනි ජාලා මැවීයන්
ලෙඩින් දුකින් සංහතියම පෙළීයන්
නිරන්තරින් බඩසායෙන් මැරීයන්...
පොළොව පුපුරා අහස ගුගුරා දිය දෙබෑකර වරෙල්ලා
සක්වලින් මුහුදින් ගොඩින් අහසින් සැනින් තොපි වරෙල්ලා
මන්ත්‍ර බන්ධන අග්නි අසනිය ලෝදියත් ගෙන වරෙල්ලා
මන්ත්‍ර මායා අංජනම් කර මේ රජුට විනකරල්ලා...
Related Songs and Tags
Polowa Usulana Deviyane (Kuweni) LyricsPolowa Usulana Deviyane (Kuweni) Lyrics Englishපොළොව උසුලන දෙවියනේ (කුවේණි)පොළොව උසුලන දෙවියනේ (කුවේණි) ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown LyricsHenri Jayasena Lyricist