Lanka Lanka Pembara Lanka LyricsbySunil Santha
Lanka Lanka Pembara Lanka Lyrics in Sinhala (ලංකා ලංකා පෙම්බර ලංකා ගී පද) and English by Sunil Santha, written by Arisen Ahubudu and composed by Sunil Shantha. This page includes the Sinhala lyrics and English transliteration. Lanka Lanka Pembara Lanka is a Sinhala song performed by Sunil Santha with lyrics penned by Arisen Ahubudu and music composed by Sunil Shantha. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Lanka Lanka Pembara Lanka |
|---|---|
| SINGER | Sunil Santha |
| LYRICIST | Arisen Ahubudu |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 130 |
| UPDATED |
Lanka Lanka Pembara Lanka Lyrics
Lanka Lanka pembara Lanka - pinavamu oba Lanka
Hobavamu oba Lanka divi di - surakimu oba Lanka
Bali taru Ravana gemunu Vijayaba nirindun lada Lanka
Pulathisi demi siri rahal kumaratungu panduvan lada Lanka
Vidu sakvithi maha perakum kivisuru kiviyan lada Lanka
Oba rakunoth lo kumbuvada apa hata sitha ganguli Lanka
Mahaveli kalu kelani walave atha hatarak athi Lanka
Samano kire gal piduruthala neka kehe geta bandi Lanka
The vathu pol vathu keth vathu pela ukule nalavana Lanka
Muhudin angalak oba vevethoth ehi panimu panimu Lanka
Oba hata atha povanata un mun hata ida nothabamu Lanka
Avahoth mehi un luhubandava golu muhuda hovamu Lanka
Godadiya ahase hema thana obage nama kiyavamu Lanka
Oba venuven ena vedi sara mal pethi se salakamu Lanka
Hela muthu mini vel ekata damala oba sarasamu Lanka
Gasvel vala mal ekata gothala oba palandamu Lanka
Ruhune kiripani ekata hanala oba pinavamu Lanka
Avasana oba hata pohorata me kaya mehim hovamu Lankaලංකා ලංකා පෙම්බර ලංකා ගී පද
ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී - සුරකිමු ඔබ ලංකා
බලි තරු රාවන ගැමුනු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුලි ලංකා
මහවැලි කළු කැළණි වලවේ ඇත හතරක් ඇති ලංකා
සමනොළ කිරි ගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳී ලංකා
තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා
මුහුදින් අඟලක් ඔබ වැවෙතොත් එහි පනිමු පනිමු ලංකා
ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද හොවමු ලංකා
ගොඩදිය අහසේ හැම තැන ඔබගේ නම කියවමු ලංකා
ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා
හෙළ මුතු මිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා
ගස්වැල් වල මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා
රුහුණේ කිරිපැණි එකට හනාලා ඔබ පිනවමු ලංකා
අවසන ඔබ හට පොහොරට මේ කය මෙහිම හොවමු ලංකා Related Songs and Tags
Lanka Lanka Pembara Lanka LyricsLanka Lanka Pembara Lanka Lyrics Englishලංකා ලංකා පෙම්බර ලංකාලංකා ලංකා පෙම්බර ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha LyricsSunil Shantha ComposerArisen Ahubudu Lyricist