Sobawa De Lyrics by Rodni Warnakula
Sobawa De (සෝභාව දේ) is a Sinhala song sung by Rodni Warnakula. This page presents the Sobawa De lyrics in Sinhala script (සෝභාව දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sobawa De |
|---|---|
| SINGER | Rodni Warnakula |
| VIEWS | 689 |
| UPDATED |
Sobawa De Lyrics
Sobhaava de mepura siri visithuru
Balanu mithuru maga piyakaru vu
Susudu vala kaerali palasaki me
Maga diga athiru ahasa surana maeduru
Paara depatthe sonduru salpil vala
Devlova nathi sepa vikunanney
Nuvaru risi risi de gena masuran
Thambayata denne nibanda sitha lathaevanna
Sobhaava de...
(Jetthu kaara liyan gatha vilavun muhuna sibinna
Saataka duhula iran naarilatha mal pudinna)..//
Daesin amathana bas vasunu dorak vivira karanne
Elipita atha avakeli kisiveku maesiwili nokiyanne
Sobhaava de...
(Sanakeli pura hande nikini avanhala pibidenna
Asavan duk sindana gee sindu savana pinanna)..//
Satha hata setha salasa athakin maduvitha purawanne
Savdiya purana landak rakusu nethak paalu kapanne
(Sobhaava de mepura siri visithuru
Balanu mithuru maga piyakaru vu
Susudu vala kaerali palasaki me
Maga diga athiru ahasa surana maeduru)..//
Sobhaava de...සෝභාව දේ ගී පද
සෝභාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ අහස සූරන මැදුරු
පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් වල
දෙව්ලොව නැති සැප විකුනන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන්
තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්න
සෝභාව දේ.../
(ජේත්තු කාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පුදින්නා)..//
දෑසින් අමතන බස් වැසුණු දොරක් විවිර කරන්නේ
එළිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සෝභාව දේ.../
(සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා)..//
සත හට සෙත සලසා අතකින් මදුවිත පුරවන්නේ
සව්දිය පුරන ළඳක් රකුසූ නෙතක් පාළු කපන්නේ
(සෝභාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ අහස සූරන මැදුරු)..//
සෝභාව දේ...Related Songs and Tags
Sobawa De LyricsSobawa De Lyrics Englishසෝභාව දේසෝභාව දේ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics