Hiru Mal Lyrics by Ruwan HettiarachchiUmariya Sinhawansa
Hiru Mal (හිරු මල්) is a Sinhala song sung by Ruwan Hettiarachchi and Umariya Sinhawansa. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Amith Guru. This page presents the Hiru Mal lyrics in Sinhala script (හිරු මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Mal |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi, Umariya Sinhawansa |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Amith Guru |
| VIEWS | 102 |
| UPDATED |
Hiru Mal Lyrics
Hiru mal kiniththak dara
Sihilal piyapath sala
Sulagin horen maga asa
Ennam senin oba soya
Mathaken idak illala
Thurulen lagum gena eda
Hasarel lowak hitha mawa
Heta ma oyaage wenawa
Heta ma oyaage wenawa
Supem bhawanawak wage mage desa bala
Kiya denna obage senehasa
Kothek dayi kiya
Ahankara maage hitha dan obe langa thama
Nodannawa wage aethin thawath innepa
Hithe mewuna prema kawiye hidas then maka
Hidinata hithai suwase thurul wi sada
Raye dutuwa heena rahase hebai wi meda
Puruddakda me diwiye matath nohaguna
Pahan tharukawak wage hade payala
Gilan pem pathum hitha pathule kohetada wela
Nethin wetunu kandulal obage athin pisa dama
Sinasenna aasai hema kal obe lowa pura
Pahan temb wela divi gamane nawathen soya
Randenata hithai sewane susum hera dama
Oben labuna adare nam ananteta eha
Puruddakda me diwiye matath nohaguna
Hiru mal kiniththak......
Mathaken idak......හිරු මල් ගී පද
හිරු මල් කිනිත්තක් දරා
සිහිලැල් පියාපත් සලා
සුළගින් හොරෙන් මග අසා
එන්නම් සැනින් ඔබ සොයා
මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගෙ වෙනවා
හෙට මා ඔයාගෙ වෙනවා
සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
කියා දෙන්න ඔබගේ සෙනෙහස
කොතෙක් දැයි කියා
අහංකාර මාගේ හිත දැන් ඔබේ ළඟ තමා
නොදන්නවා වාගේ ඈතින් තවත් ඉන්නෙපා
හිතේ මැවුන ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා
හිඳින්නට හිතයි සුවසේ තුරුල් වී සදා
රැයේ දුටුව හීන රහසේ හැබෑ වී මෙදා
පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුනා
පහන් තරුකාවක් වාගේ හදේ පායලා
ගිලන් පෙම් පැතුම් හිත පතුලේ කොහේටද වෙලා
නෙතින් වැටුණු කඳුලැල් ඔබගේ අතින් පිස දමා
සිනාසෙන්න ආසයි හැම කල් ඔබේ ලොව පුරා
පහන් ටැඹ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා
රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර දමා
ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා
පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුනා
හිරු මල් කිනිත්තක්......
මතකෙන් ඉඩක්......Related Songs and Tags
Hiru Mal LyricsHiru Mal Lyrics Englishහිරු මල්හිරු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsAmith Guru ComposerSajith V Chathuranga Lyricist