Sandawata Ran Tharu Lyrics by CT Fernando
Sandawata Ran Tharu (සඳවට රන් තරු) is a Sinhala song sung by CT Fernando. This page presents the Sandawata Ran Tharu lyrics in Sinhala script (සඳවට රන් තරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandawata Ran Tharu |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 542 |
| UPDATED |
Sandawata Ran Tharu Lyrics
Badagini welaa godawunu kala putuge geta
Maa yakiniyaka lesa
Penunai leliyata....
Daru senahasin ange le peraluni kirata
Ammada birindada loku wediyen ubata
Sandawata ran taru.. kekulu pipewaa..
Hiruta walakulu.. salu pelandewaa..
Polavehi minimuthu.. kata bihivewaa..
Putekuta ammage.. agaya danewaa...
Gangulata athi bara.... diya weli nedo
Katharata athi hara.... sudu weli nedo
(Ladakata athi hada.... yaha guna nedo
Mawakata athi sepa.... daru sepa nedo ..//)
Ginnak nathi kala.... dumak koindo
Pinnak nathi kala.... thethak koindo
(Vahalak nathi kala.... geyak koindo
Amme ku nathi kala.... deyak koindo...//)
Sandawata ran taru.../සඳවට රන් තරු ගී පද
බඩගිනි වෙලා ගොඩවුණු කල පුතුගේ ගෙට
මා යකිනියක ලෙස
පෙනුනයි ලේලියට....
දරු සෙනහසින් ඇඟේ ලේ පෙරලුනි කිරට
අම්මද බිරිඳද ලොකු වැඩියෙන් උබට
සඳවට රන් තරු.. කැකුළු පිපේවා..
හිරුට වලාකුළු.. සළු පැළඳේවා..
පොලවෙහි මිණිමුතු.. කැට බිහිවේවා..
පුතෙකුට අම්මගෙ.. අගය දැනේවා...
ගඟුලට ඇති බර.... දිය වැලි නේදෝ
කතරට ඇති හර.... සුදු වැලි නේදෝ
(ළඳකට ඇති හැඩ.... යහ ගුණ නේදෝ
මවකට ඇති සැප.... දරු සැප නේදෝ ..//)
ගින්නක් නැති කල.... දුමක් කොයින්දෝ
පින්නක් නැති කල.... තෙතක් කොයින්දෝ
(වහලක් නැති කල.... ගෙයක් කොයින්දෝ
අම්මෙකු නැති කල.... දැයක් කොයින්දෝ...//)
සඳවට රන් තරු.../Related Songs and Tags
Sandawata Ran Tharu LyricsSandawata Ran Tharu Lyrics Englishසඳවට රන් තරුසඳවට රන් තරු ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics