Muthu Manik Epa Lyrics
“Muthu menik epa diyamanti epa oba ma langa athoth lade” (මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ): Muthu Manik Epa (මුතු මැණික් එපා) lyrics, a Sinhala duet sung by Milton Perera and Shrimathi Thilakarathne, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Muthu menik, and in Sinhala it is මුතු මැණික් එපා ගී පද.
| SONG | Muthu Manik Epa |
|---|---|
| SINGER | Milton Perera, Shrimathi Thilakarathne |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Muthu Manik Epa Lyrics Singlish
Muthu menik epa diyamanti epa oba ma langa athoth lade
Tharu minath epa hiru sanduth epa oba ma langa nathoth lade
Boru kiyannepa boru kiyannepa upama thaw palak nathe
Hith dekak kapa ven karanna ba vishvasaya athoth sithe
Hiru ha nelum atha bandi - pini ha aruna suwa vindi
Mathu da dilindu pelakadi - nevathi inna sewana di
Sitha ha sithana sithuwili - sarasa sadana senakeli
Denethe negena kandulali - pisada mavanu senakeli
Muthu menik epa....
Oba ma langama gewasila - mavana sathuta uthurala
Ganga vilasa gala gala - yanna sayura vetha bala
Sayure verala asaladi - bandila muwata muhunadi
Musu vi inna hitha didi - enawa langama dinakadi
Muthu menik epa....මුතු මැණික් එපා ගී පද
මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ
හිරු හා නෙළුම් ඇත බැඳී - පිණි හා අරුණ සුව විඳී
මතු දා දිළිඳු පැළකදී - නැවතී ඉන්න සෙවණ දී
සිත හා සිතන සිතුවිලි - සරසා සදන සැණකෙළි
දෙනෙතේ නැගෙන කඳුළැලි - පිසදා මවනු සැණකෙළි
මුතු මැණික් එපා....
ඔබ මා ළඟම ගැවසිලා - මවනා සතුට උතුරලා
ගංගා විලස ගල ගලා - යන්නා සයුර වෙත බලා
සයුරේ වෙරළ අසලදී - බැඳිලා මුවට මුහුණ දී
මුසු වී ඉන්න හිත දිදී - එනවා ළඟම දිනකදී
මුතු මැණික් එපා....Performances of Muthu Manik Epa
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Manik Epa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Manik Epa LyricsMuthu Manik Epa Lyrics Englishමුතු මැණික් එපාමුතු මැණික් එපා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsPrema Keerthi De Alwis Lyricist


