Nirmala Londariya Lyrics in Sinhala (නිර්මලා ලොන්ඩරිය ගී පද) and English by Gunadasa Kapuge and Niranjala Sarojini, written by Rathna Sri Wijesinghe and composed by Gunadasa Kapuge. This page includes the Sinhala lyrics and English transliteration. Nirmala Londariya is a Sinhala song performed by Gunadasa Kapuge and Niranjala Sarojini with lyrics penned by Rathna Sri Wijesinghe and music composed by Gunadasa Kapuge. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nirmala Londariya |
|---|---|
| SINGER | Gunadasa Kapuge, Niranjala Sarojini |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 25 |
| UPDATED |
Nirmala londariya himi salu
Wadana menike nirmala..
Mal hina numbe thawarila kiri
Idda malweta peedila..
Kula gewal sarasili kalath api
Salu wada pawada ela..
Nirmala nirmala nethai ma
Obe lowin pitaman kala..
Panthiye mithuran eda kala
Vihiluwen hitha ridunu da..
Ma heluwa kandulak mage dina
Pothaka thibila hamuwuna..
Yudha wedi na siyan balamulu
Ape lowa gini wedunu da..
Ma heluwa kadulin themu salu
Pili thawa na welila..
Dowa lannata bari pili ganda
Kahata kulamala thawarala..
Mage edum obe athata dena eka
Darannata ba nirmala..
Eda senehasa nokilitiva obe
Hitha pura pawathina nisa..
Himinethath mata huru suwada e
Andum athare thiyanawa..
Nirmala...නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..
කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා..
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා..
පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුනු දා..
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුනා..
යුධ වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුනු දා..
මා හෙළුෑ කදුලින් තෙමූ සළු
පිළි තවම නෑ වේලිලා..
දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා..
මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා..
එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා..
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා..
නිර්මලා...