Batha Ka Iwarai (Puran Appu Kavi) Lyrics by Sunil Edirisinghe
Batha Ka Iwarai (Puran Appu Kavi) (බත කා ඉවරයි (පුරන් අප්පු කවි)) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Parakrama Kodithuwakku, and the music is composed by Premasiri Kemadasa. This page presents the Batha Ka Iwarai (Puran Appu Kavi) lyrics in Sinhala script (බත කා ඉවරයි (පුරන් අප්පු කවි) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Batha Ka Iwarai (Puran Appu Kavi) |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Parakrama Kodithuwakku |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 14 |
| UPDATED |
Batha Ka Iwarai (Puran Appu Kavi) Lyrics
Bath kaa iwarai balamin unnot
Tika kalakin Sinhala haale
Ingreezi haraka udarata idamen
Pannannata sarasev raale...
Game gedarakata senehe papa siti
Balu kukkata mona baduda ane
Thane thibena kiri tikatat baddak
Gewanda wewida nuduru dine...
Ane mage lamaiyne andana wita
Monawada numbalata mama denne
Bane sitina deviyo ada aethnam
Suddawa hatarata palanawane...
Aehaela mahe sita nidahasa illana
Pipi weni giya mal pipuna
Kaduwake kopuwake innata kal netha
Kande yuda gini dael naguna...
Sappaayam wi jathika aalen
Kos kotana kadu muwa thiyala
Hapannai kawadada para suddan
Sinhala polowe kaethi gahala...
Kande gedara duppath naedaeyin
Peramunakata raes wena sadde
Kakulu wesata suddan keliyawe
Tikakata uthuran thuru hodde....
Sinhala daruwan uda wisi karala
Amunay bainettuwe ibbe
Puran Appu kandata wedi deviyek
Maara senanga maeda yama yuddhe...
Kehel kurullan waage roopu his
Ata is bek wisi wi wetuna
Ranabima maranaya miyuruya kiyala
Puran Appu satan weduna...බත කා ඉවරයි (පුරන් අප්පු කවි) ගී පද
බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලකින් සිංහල හාලේ
ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සරසෙව් රාළේ...
ගමේ ගෙදරකට සෙනෙහේ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ...
අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද නුඹලට මම දෙන්නේ
බනේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවානේ...
ඇහැළ මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනි ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුණා...
සප්පායම් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා
හපන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළොවේ කැති ගහලා...
කන්දේ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස් වෙන සද්දේ
කකුළු වෙසට සුද්දන් කෙළිියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ....
සිංහල දරුවන් උඩ විසි කරලා
අමුණයි බයිනෙත්තුවේ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනඟ මැද යම යුද්දේ...
කෙහෙල් කුරුල්ලන් වාගේ රූපු හිස්
අටඉස් බෙක් විසි වී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටන් වැදුණා...
Related Songs and Tags
Batha Ka Iwarai (Puran Appu Kavi) LyricsBatha Ka Iwarai (Puran Appu Kavi) Lyrics Englishබත කා ඉවරයි (පුරන් අප්පු කවි)බත කා ඉවරයි (පුරන් අප්පු කවි) ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsPremasiri Kemadasa ComposerParakrama Kodithuwakku Lyricist