Sandakada Pahanaka Lyrics in Sinhala (සදකඩපහණක ගී පද) and English by Sunil Edirisinghe, written by Wolie Nanayakkara and composed by Victor Rathnayake. This page includes the Sinhala lyrics and English transliteration. Sandakada Pahanaka is a Sinhala song performed by Sunil Edirisinghe with lyrics penned by Wolie Nanayakkara and music composed by Victor Rathnayake. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sandakada Pahanaka |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Wolie Nanayakkara |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 373 |
| UPDATED |
Chitrapataya: Mathara Aachi (1973)
Sadakadapahanaka ketayam opala
Paawena dedunu lagum gani
Kalatunu rasayaka pana aa bubulak
Akuru walak dehadaka liyave
Yugayen yugayata nomiyana dahanaka
Diviyaka padanama mathuweddi
Nopenena aatata aa gena yanawa
(Siyumali kekulak melaweddi)..//
Dahasak peti matha rahasak kodura
Thudin thudata gena yana bindu
Gauwawak ihalata gonu kota randawa
Popiyana detholak ehi kandu
Ahasath gugura kaluwak wapura
Ee haa muhuwunu wehi bindu
Aa gena yaddi natambun athareka
(Thawak ek aa wetha hada randu)..//
Sadakadapahanaka ketayam..
Hadawila ipadunu kekulak nokalatha
Natuwen galawa duraka yawa
Mihiliya theth kota gilihunu kandulak
Sathsasudurakata muhuwa giya
Obata urumu wu ridunu thewunu dewunu hada
Ektam meduraka kawulu ara
Ruwan wimaanen piyamba enathuru
(Popiyana hadawatha siti bala)..//
Siti bala..චිත්‍රපටය: මාතර ආච්චි (1973)
සදකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා
(සියුමැලි කැකුලක් මැළවෙද්දී)..//
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ
ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසත් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
(තවකෙක් ඈ වෙත හද රැන්දූ)..//
සදකඩපහණක කැටයම්..
හදවිල ඉපැදුණු කැකුලක් නොකලත
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුනු තැවුනු දැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
(පොපියන හදවත සිටී බලා)..//
සිටී බලා..