Dansal Dorehi Lyrics in Sinhala (දන්සැල් දොරෙහි ගී පද) and English by Nanda Malani. This page includes the Sinhala lyrics and English transliteration. Dansal Dorehi is a Sinhala song performed by Nanda Malani. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Dansal Dorehi |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 15 |
| UPDATED |
Dansal dorehi netha yadiyo
Salpilvalaya puravasiyo
Pansil rakithi meravarayo
Me kethumathi nuwarayi
Me kethumathi nuwarayi....
Nometha asaka kandulak novetunoth rodu kebellak
Dakinu noheka le binduwak nomaloth makunekk maduruwek
Mala bendunu ginidande del badith makulu sena
Wedi handa asanu risi dano pupuruwathi aho rathinya
Merunath me pure - me manaram same
Upadinta mathu vasanawa....
Dasa rada dam nimithi pevathee
Nara pathi amathi wadana ruthee
Satha wetha pathala metha sadathee
Me kethumathi nuwarayi
Me kethumathi nuwarayi.....
Rekeyi akurata neethiya -deyak we nam yam
Sudussatama ayithi wi atha -netha akramikatha
Wedeyi suhadatha-sundaratha-suwatha
Aho sapayi sapayi - mepura wisumanam
Merunath me pure - me manaram same
Upadinta mathu vasanawa.....
Kiyamin nibanda gee miyuru
Dakinmin awata ru sonduru
Sathutin rangathi me nuwaru
Me kethumathi nuwarayi
Me kethumathi nuwarayi.....
Netha mudale watinakam
Buhuman karath shilpa shasthrayatama
Netha pawulwada- pil beda,-kula wada- dea wada
Netha badu bara-pawul bara- jeewana bara
Merunath me pure - me manaram same
Upadinta mathu vasanawa…//
Dansal dorehi …දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි....
නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක් නොමළොත් මකුණෙක් මදුරුවෙක්
මල බැඳුනු ගිනිදණ්ඩේ දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරුවති අහෝ රතිඤ්ඤා
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා....
දස රද දම් නිමිති පැවතී
නර පති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි.....
රැකෙයි අකුරට නීතිය -දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති වී ඇත -නැත අක්රමිකතා
වැඩෙයි සුහදතා-සුන්දරතා-සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා.....
කියමින් නිබඳ ගී මියුරූ
දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි.....
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද- පිල් බේද,-කුල වාද- දෑ වාද
නැත බදු බර-පවුල් බර- ජීවන බර
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා…//
දන්සැල් දොරෙහි …