Awurudu Dedahas Panseeyak Lyrics
by Nanda Malani
“Awrudu dedahas panseeyak daen vayasai mata mage du puthune” (අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ), Awurudu Dedahas Panseeyak (අවුරුදු දෙදහස් පන්සීයක්) lyrics: a Sinhala patriotic song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අවුරුදු දෙදහස් පන්සීයක් ගී පද, and many know it simply as Awrudu dedahas.
| SONG | Awurudu Dedahas Panseeyak |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Patriotic, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Awurudu Dedahas Panseeyak Lyrics Singlish
Awrudu dedahas panseeyak daen vayasai mata mage du puthune
Le kiri dun un leth ura bee le kalandakvath nae dethane
Daruwoth veduwa daruwoth heduwa un wedi hariyak sora detuvo
Daruwan wuwa un parayan marayan mage de ka mata vina ketuvo
Unun kotavala ugul atavala raja vethi mage un hemadamat
Mage raja daruwan mage jana daruwan gena baluwe nae kavadavath
Taman hedenu misa nangila mallila hadanta onae kamak naethi
Ge dora kanakara ukasata thiyala valandath vikuna gena budithi
Awrudu dedahas panseeyak daen vayasai mata mage du puthune
Le kiri dun un leth ura bee le kalandakvath nae dethane
Uthure daruwan miyadi iwarai dakhune daruwoth miya adethi
Magema maha un mage nama vikuna kotava mage daruwan marathi
Awrudu pandahasak thawa innata parama yusha mata aethi bavini
Mage podi petawuni thepivath me sora muluwen ma galavanu maenaviඅවුරුදු දෙදහස් පන්සීයක් ගී පද
අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට වින කෙටුවෝ
උනුන් කොටවලා උගුල් අටවලා රජ වෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්
තමන් හැදෙනු මිස නංගිලා මල්ලිලා හදන්ට ඕනෑ කමක් නැතී
ගේ දොර කණකර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී
අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ
උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී
මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමා යුෂ මට ඇති බැවිනී
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගළවනු මැනවීPerformances of Awurudu Dedahas Panseeyak
Cover versions, live performances, and reality-show contestant performances of “Awurudu Dedahas Panseeyak” on YouTube.
Cover Versions · 11
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.