Budun Daham Sanga Theruwana Lyrics
by Nanda Malani
“budun daham sanga theruwana wenda awasara rugena siyal” (බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්): Budun Daham Sanga Theruwana (බුදුන් දහම් සඟ තෙරුවණ) lyrics, a Sinhala Buddhist devotional song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is බුදුන් දහම් සඟ තෙරුවණ ගී පද.
| SONG | Budun Daham Sanga Theruwana |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Buddhist Devotional, Folk |
| VIEWS | 7 |
| UPDATED |
Budun Daham Sanga Theruwana Lyrics Singlish
budun daham sanga theruwana wenda awasara rugena siyal
asan mahathune anatha rataka gayena wiridu sural...
(kentiyata kiyena wirindu)
me anatha rata issara sakala sirin pirunu ratak
budun pawa paya thibba uthum hithin dethun witak...
(budun unne eha rate)
rata ratawala maha aththan pathala maha karunawata
awith e'rata kala kodiwina kapanna beha me kapeta...
(kageth as yomu wunu rata)
geri hankada ela ganta kolabata a parangiya
ape ratama huragena uge ratata aran giya...
(koi parayath ehema thamai)
inguru deela miris gatta moda ape raja daruwon
landesin ingreesin kendaagena vina kotuwon...
(eka sebai sebai sebai)
beraganta puluwan nam raja daruwan hata otunna
sudaanam mahathuni un parayi ekka nidi wadinna...
(raja putuwe malath sapai)
edath adath hetath mithuru wes aragena parayi enawa
dalada maligeth aran un dawaska yanna yanawa...
(hetath wenna ida thiyenawa)
ka ganna athara ekama rate inna sinhayo koti
kela halanawa thalu maranawa allapu ratawala hotabari...
(ukas karala ran dupatha)
pareyiyange wes gaththath parayo aheki andunaganta
tamunge wasiyata misak un ewida pihita wenna...
(perum purana bosathwaru)
pruthugeesi landesi ingreesi kale wage
kala dawask aaya ethoth mokatada lak maani mage...
(e pawa apa pita wewei)
rata watakara wata bandinta kethi manna ganta wenawa
watata udin panina unta manna pahara denna wenawa...
(sadharana paharadeema)
sihalu ape demalu ape muslime minisunuth ape
un kandawaru bandina dine parayange botuwa kape...
(anatha rata sanatha weyi)බුදුන් දහම් සඟ තෙරුවණ ගී පද
බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල්...
(කේන්තියට කියන විරිඳු)
මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්...
(බුදුන් උන්නෙ එහා රටේ)
රට රටවල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ’රට කළ කොඩිවින කපන්න බැහැ මේ කපේට...
(කාගෙත් ඇස් යොමු වුනු රට)
ගෙරි හංකඩ එලා ගන්ට කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන උගේ රටට අරන් ගියා...
(කොයි පරයත් එහෙම තමයි)
ඉඟුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
ලන්දේසින් ඉංග්‍රීසින් කැන්දාගෙන වින කොටුවෝ...
(ඒක සැබැයි සැබැයි සැබැයි)
බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න...
(රජ පුටුවේ මළත් සැපයි)
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
දළදා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනව...
(හෙටත් වෙන්න ඉඩ තියෙනවා)
කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනව තළු මරනව අල්ලපු රටවල හොටබරි...
(උකස් කරල රන් දූපත)
පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට...
(පෙරුම් පුරන බෝසත්වරු)
පෘතුගීසි ලන්දේසී ඉංග්‍රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත් මොකටද ලක් මෑණි මගේ...
(ඒ පව අප පිට වැටේවි)
රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව...
(සාධාරණ පහරදීම)
සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ...
(අනාථ රට සනාථ වෙයි)Performances of Budun Daham Sanga Theruwana
Cover versions, live performances, and reality-show contestant performances of “Budun Daham Sanga Theruwana” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budun Daham Sanga Theruwana LyricsBudun Daham Sanga Theruwana Lyrics Englishබුදුන් දහම් සඟ තෙරුවණබුදුන් දහම් සඟ තෙරුවණ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsSarath Dasanayake ComposerSunil Ariyarathna Lyricist


